මායා එළිය....... (light of miracle)

දැනුම විනෝදය බෙදාගමු.........

Pages

Rushan On Friday, October 21, 2011

අධික කාර්ය බහුලත්වය නිස කතාවේ ඉතුරු ටික  පබ්ලිශ් කරන්න පරක්කු උනා, ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම.....

මහත් පරිශ්‍රමයක් දරලා මේ දෙන්නා දැකුම්ට ඔනී කිව්ව ගර්ල් හිටපු තැන හොයා ගත්තා, ඔන්න ඉතින් ප්‍රසන්නයි, දැකුමුයි එතනට ගියාට එතන ගොඩක් ලමයි ඉන්නවලු, දැන් මොනව කරන්නද ? ගොඩක් අය ඉන්න නිස කොහොමද හරි කෙනා හොය ගන්නේ කියාල ඉන්න කොට ප්‍රසන්නගෙ යෙහෙලියක් එතනට එනවා, එයාට ප්‍රසන්න සීන් 1  කිව්වට පස්සේ මේ 2න්නා හොයන කෙනාව ඇය පෙන්නනවා.. ප්‍රසන්න ඒ යලුවට තෑන්ක්ස් කරලා දැකුම්ට කියනවා ගිහින් කතා කරන්න කියලා, එත් දැකුම් නම් දන් ටිකක් බය වෙලා වගෙ ඉන්නේ, හරියට යකෙක් දැකල බය වෙලා වගේ,

ප්‍රසන්න දකුම්ගේ බය ටිකක් අඩු කරලා දැකුම්ව යනවා, එත් දැකුම් ප්‍රසන්නවත් අතින් ඇදගෙන එතනට යනවා, ඒත් ප්‍රසන්න දැකුම්ට කතා කරන්න කියලා පැත්තකට වෙනවා. දැකුම් නම් බොහොම ලැජ්ජවෙන් වගේ මොනවද කතා කරලු, අන්තිමේදි දැකුම් ප්‍රසන්නවත් කතාවට ඇදලා ගන්නවා, ඒත් ප්‍රසන්න නම් වැඩි කැමත්තක් පෙන්න්නුවේ නෑ, ඒත් බල කිරීම නිස අකමැත්තෙන් එතනට යනවා. දැකුම්ගේ අලුත් යෙහෙලිය ප්‍රසන්නගෙත් යෙහෙලියක් වෙනවා, හවස ලෙක්චර්ස් වලට යන්න ඕනි නිසා මේ දෙන්නා අලුත් යෙහෙලියගෙන් සමු අරගෙන එනවා...........

Rushan On Friday, July 15, 2011

දකුම් කියනවා "ප්‍රසිද්ධ මිතුරු ජලයකින් අපේ කම්පස් 1කේ අපේ year 1ke ම ඉන්න girl කෙනෙක්ව සෙට් උනා, එයගෙ පාසලේ නම තමයි මම අහුවේ, මොකද මම ඒ නම වැඩිය අහල නෑ" කියලා.. අපි ඒ පාර දකුමව පොඩ්ඩක් පොඩ්ඩක් බයිට් කලා.මෙන්න බොලේ ඒ පාර දැකුමා ප්‍රසන්න ගෙන් අහනවා " මචන් අපි දෙන්නා යමුද ඒ ගර්ල්ව මීට් වෙන්න?"

ප්‍රසන්න නම් ඒකට වඩිය කැමති උනේ නෑ. ඒත් දැකුම්ගේ බලවත් ඉල්ලීම නිසා ප්‍රසන්න අවසානයේ කැමති වෙනවා 1 කොන්දෙසියක් උඩ..ප්‍රසන්න කියනවා "හොදයි මම එන්නම් උබත් එක්ක යන්න, ඒත් මම එන්නේ නෑ ගර්ල් එක්ක කතා කරන්න, උබ ඔනි 1ක් කර ගනින් මම පැත්තකට වෙලා ඉන්නම් කියලා" අවසානයේ දැකුම් ඒ කොන්දේසියට එකග වුනා..

අපෙන් සමුගත් මේ දෙන්නා ඉක්මනට ඉක්මනට විදුලි සොපානය දෙසට දිව ගියා..............

Rushan On Wednesday, July 13, 2011

ප්‍රසන්න.
දැනට ලංකාවේ ප්‍රසිද්ධ පෙලේ  ආයතනයක ඉහල පෙලේ තනතුරක් දරන කෙනෙක්.එත් මේ ආපු ගමන ගොඩක් දුෂ්කර එකක්.ජීවිතය මේ තරම් ඉහලට ගොඩ නගා ගන්න ප්‍රසන්නට ගොඩක් මහන්සි වෙන්න උනා.

ඉතින් මෙන්න ප්‍රසන්නගේ  කතාව..........

 ප්‍රසන්න හද්දා පටිසර ගමක හැදුන කොල්ලෙක්.ගමේ ඉස්කෝලේ ගියපු ඔහුට
ශිෂ්‍යයත්ව  විභාගය ඉහළින් පාස් වෙන්න පුළුවන් උන හින්ද නගරේ ලොකු ඉස්කෝලෙකට එන්න වාසනාව පෑදුනා.. O/ළ් ඉහලින්ම පාස් උනා.ඒ නිසාම  උසස් පෙලට ගණිත අංශයෙන් විභාගෙට ඉද ගත්තා..
දෙයියන්ගේ පිහිටෙන් ඔහුගෙ උත්සහයයි කැපවීමයි නිසා ඔහුට පලවෙනි පාරම කැම්පස් එන්න වාසනාව තිබුන..
ඒකත්  කොළඹට ආසන්නයේ කැම්පස් එකක්. කැම්පස් හොස්ටල් හම්බ උණේ කොළඹට ගමේ ඉදලා සෑහෙන දුරක් තිබුන නිසා.
ඉස්කෝලේ ගමේ යාලුවෝ දන්න කියන අය හිටියේ නැති තරම්.
එත් රැග් සීසන් කාලේ හොස්ටල් එකේ  රූමෝ උන අපි සුළු පිරිසගෙ  බුදු ෆිට් 1ක් බවට පත් උනා..මගෙ වෙලාවට උනුත් අපරාදේ කියන්න බැහැ හොද එව්වො ටිකක්.අපි සෙට් එකම තමයි කැම්පස් එකේ හැමවෙලේම එකට බැස්ස සෙට් එක.

අපේ සෙට් එකට අහම්බෙන් වගේ තවත් එකෙක් සෙට් උනා.. ඌ ඉතාම දැකුම්(කලු )  පැහැයෙන් යුක්ත නිසා දැකුම්(කලු )  කියල තමයි අපි ඌට කතා කලේ.මුට ටිකක් අපිට වඩා කෙල්ලෝ ගැන පුදුම උණක්.
දවසක් අපි රිලැක්ස් එකේ ඉන්න වෙලාවක දැකුම්(කලු ) ප්‍රසන්නගෙන් තරමක් ප්‍රසිද්ද කාන්තා පාසලක් දන්නවද අහනවා..එහෙම නමක් ලාවට වගේ අහල තිබුන නිසා ප්‍රසන්නත්.
"ඔව්  දන්නවා මචන්, මොකක්ද කේස් එක? කියල අහුවා"

Rushan On Friday, July 8, 2011

සිත පුරා පිරුනු ආදරයෙන්
නුඹට දුන්න රෝස මල
පරවී ගිහින්...
අමතක ද නුඹට
රෝස මල වාගේම
අපිත් දවසින් දවස
මියැදෙනවා...

Rushan On Friday, July 1, 2011


ගොඩ දවසකින් මට බ්ලොග් 1ට පොස්ට් 1ක් දාන්න උනේ නෑ තිබුන කාර්ය බහුලත්වය නිසාම soryy wenna oni ekata....


මේ කතාව නම් දන්න කියන පුද්ගලයකුට හා එයාගෙ යාලුවෝ සෙට් 1ට උන සීන් 1ක්.


ඔන්න මේ යලුවයි එයගෙ සෙට් 1යි ගියාලු කොලඹ. යලුවෝ සෙට් 1 වැඩිය කොලඹ පාරවල් එහෙම දන්නෙත් නෑලු. ඔන්න ඉතින් සෙට් 1ම එයාලට යන්න ඔනි උන ප්ලේස් 1ට ගියාලු. එයලා යන අතර මගදි දැක්කලු සාස්තර කියන ගෑනු කෙනෙක්. මේ සෙට් 1කේ හිටපු කෙනෙක්ට ආසවක් අති වෙලා තියෙනවා සාස්තරයක් අහන්න. එත් මෙයලට යන්න ඕනි ගමන යන්න පරක්කු වෙන නිසා ඒ වෙලාවෙ සාස්තර අහන 1 පැත්තක දාල ආපු වැඩේට ගිහින් තියෙනවා. ඒත් සාස්තරේ අහන්න ආසාව තිබුන කෙනාට කොහොම හරි සාස්තරයක් යන්න කලින් අහනවා කියල හිතාගෙන මෙයලා අපු වැඩේ කරගන්න ගියාලු. ගියපු වැඩේ අවසන් කරලා අපසු එන ගමන් කට්ටිය කතා උනාලු හොඳට කලා එහෙම යමු කියල... ඔන්න දැන් කට්ටිය පාර දිගේ ඇවිද ගෙන එනවලු.. ඒ එන අතරමග දී.............


මෙයාල දැක්කා සාස්තර කියන ගෑනු  ගොඩක්ම ඉන්නවා. ඔන්න ඉතින් මේ ගිය සෙට් 1න් එක්කෙනෙක් ඇරෙන්න අනික් ඔක්කම අයට සාස්තර අහන්න ආසවක් අති වෙලා... ඔන්න ඉතින් ඒ පාර එක්කෙනෙක් ඇහුවලු සාස්තරයක් කියන්න කීයක් ගන්නවද කියල...


සන්තෝසමක් දෙන්න කියල ඒ ගෑනු කෙනා කියපිලු. ඒ පාර කට්ටියම සාස්තර අහන්න පටන් ගත්තලු... සාස්තර කියන කෙනා ඔන්න ඉතින් අත අල්ල ගෙන සාස්තරේ කියන්න පටන් ගත්තලු. මම කලින් කිව්වෙ එක්කෙනෙක් සාස්තර අහන්න කැමති නෑ කියලා.. බලන කොට ඔන්න එයත් සාස්තරයක් අහනවලු... සාස්තර වලට කියපු ඔක්කම දෙවල් නම් මම දන්නෙත් නෑ, එයලා කියපු දේ වල් නම් දන්නවා. ඒත් එ ඔක්කම කියන 1 හොද නෑනෙ.. පොඩ්ඩක් විතර කියන්න නම් කො.. මට කියන්න අමතක උනා මේ කට්ටියම සාස්තරෙන් අහල තියෙන්නෙ එයලගෙ අධ්‍යාපන කටයුතු ගැන නම් නෙමෙයි. අහල තියෙන්නේ මොනවද කියල මම කියන්න ඔනි නෑනෙ ඉතින්. තරුණ වයසෙ ළමයි නේ මෙයලත්....


ඔන්න ඉතින් එක්කෙනෙ කුට කිව්වලු එයාට සීදේවි නෝනා කෙනෙක් හම්බ වෙනවා කියල. සීදේවි නොනගෙ නමේ අකුරු ගන්නත් කිව්වලු.. කොහොම හරි සාස්තරේට කියපු අකුරු ගාන මෙයාගේ crush 1ta තියෙන අකුරු ගානමලු. තව විස්තර අහුවලු මෙයා ඒ පාර, ඒ කිව්ව විස්තරත් මම කලින් කියපු crush 1 තියෙන කෙනාට ගොඩාක් සමානයිලු.. දැන්  man ට හෙන හැපීලු....ඔන්න කොහොමෙන් හරි මෙයා සාස්තර අහල ඉවර උනාලු. ඒ පාර මෙයා සන්තෝසම දෙනකොට සාස්තර කියපු ගානු කෙන පොඩි ජිල් මාට් පාරක් දාල වැඩි පුරත් පොඩි ගානක් කඩා ගෙන, එත් මූට තිබුන හපී 1ට ඒ පොඩි ගනත් දීලා.. 
  


 ඒ පාර මෙය ගියාලු යලුවෝ ටික ගාවට.. එයාලත් හෙන හැපී 1කේ ඉන්නවලු එයලටත් ඇත්ත කිව්වෙ කියලා.. ඔන්න ඒ පාර කට්ටියම සාස්තර අහල ඉවර වෙල එන්න පිටත් උනාලු. එත් මෙයලට බස් හෝල්ට් 1ට යන්න , මේක මහ පාර කියල මතක නෑලු ඒ වෙලවේ තිබුන ත්‍රිල් 1ට... අනේ මන්ද මෙහෙමත් මිනිස්සු...  


කොහෙම්න් හරි මෙයල එන්න බස් 1ට නැග්ගලු, බස් 1ට නැගලත් කතාව සාස්තර ගැනමලු, බස් එකේ මිනින්ස්සු හිතන්න ඇති හොද පිස්සො ටිකක් කියල...


matath dan me set 1 dakkama hina yanawaa ,,  hodatama Amu kawichch set 1k widihatay inne.. 


හිකීස්ස්ස්ස්ස්ස්...........


@ the final,,


mama wish karanawa me set 1tama  Saasthara walata kiwwa dewal e ayurinma itu wenna kiyala..






  

Rushan On Wednesday, June 15, 2011

ඔබ දුටු මුල් දිනයේ...

දැනුනා ඔබ මගේ කියා...

සැමදා ඔබට මා...

ලං වෙන්නයි සිතුවේ...

කවදා ඉටු වේද...

පතුම මගේ...

එදිනට හැකිද පවසන්න...

මගෙ සෙනෙහේ...




Rushan On


රාත්‍රිය නිසොල්මනේ .......
හද හිනෙහෙන විට ......
විකසිත වූ .....
සුවඳ සේපාලිකා .....
හිරු නැග එන හිමිදිරියේ මිලානවේ .....
එවැන්නක් නොවේ අපේ මිතුදම .....
සඳ, හිරු, තරු පවතින තුරු .....
ලොව අඳුර නොවෙන්නා සේ පවතී .....
අපේ මිත්‍රත්වය .....
ඔබ මට සදා නොමියෙන මතකයකි .....
මා මියෙන තුරු ...........