දැනුම විනෝදය බෙදාගමු.........

Pages

Rushan On Wednesday, July 13, 2011

ප්‍රසන්න.
දැනට ලංකාවේ ප්‍රසිද්ධ පෙලේ  ආයතනයක ඉහල පෙලේ තනතුරක් දරන කෙනෙක්.එත් මේ ආපු ගමන ගොඩක් දුෂ්කර එකක්.ජීවිතය මේ තරම් ඉහලට ගොඩ නගා ගන්න ප්‍රසන්නට ගොඩක් මහන්සි වෙන්න උනා.

ඉතින් මෙන්න ප්‍රසන්නගේ  කතාව..........

 ප්‍රසන්න හද්දා පටිසර ගමක හැදුන කොල්ලෙක්.ගමේ ඉස්කෝලේ ගියපු ඔහුට
ශිෂ්‍යයත්ව  විභාගය ඉහළින් පාස් වෙන්න පුළුවන් උන හින්ද නගරේ ලොකු ඉස්කෝලෙකට එන්න වාසනාව පෑදුනා.. O/ළ් ඉහලින්ම පාස් උනා.ඒ නිසාම  උසස් පෙලට ගණිත අංශයෙන් විභාගෙට ඉද ගත්තා..
දෙයියන්ගේ පිහිටෙන් ඔහුගෙ උත්සහයයි කැපවීමයි නිසා ඔහුට පලවෙනි පාරම කැම්පස් එන්න වාසනාව තිබුන..
ඒකත්  කොළඹට ආසන්නයේ කැම්පස් එකක්. කැම්පස් හොස්ටල් හම්බ උණේ කොළඹට ගමේ ඉදලා සෑහෙන දුරක් තිබුන නිසා.
ඉස්කෝලේ ගමේ යාලුවෝ දන්න කියන අය හිටියේ නැති තරම්.
එත් රැග් සීසන් කාලේ හොස්ටල් එකේ  රූමෝ උන අපි සුළු පිරිසගෙ  බුදු ෆිට් 1ක් බවට පත් උනා..මගෙ වෙලාවට උනුත් අපරාදේ කියන්න බැහැ හොද එව්වො ටිකක්.අපි සෙට් එකම තමයි කැම්පස් එකේ හැමවෙලේම එකට බැස්ස සෙට් එක.

අපේ සෙට් එකට අහම්බෙන් වගේ තවත් එකෙක් සෙට් උනා.. ඌ ඉතාම දැකුම්(කලු )  පැහැයෙන් යුක්ත නිසා දැකුම්(කලු )  කියල තමයි අපි ඌට කතා කලේ.මුට ටිකක් අපිට වඩා කෙල්ලෝ ගැන පුදුම උණක්.
දවසක් අපි රිලැක්ස් එකේ ඉන්න වෙලාවක දැකුම්(කලු ) ප්‍රසන්නගෙන් තරමක් ප්‍රසිද්ද කාන්තා පාසලක් දන්නවද අහනවා..එහෙම නමක් ලාවට වගේ අහල තිබුන නිසා ප්‍රසන්නත්.
"ඔව්  දන්නවා මචන්, මොකක්ද කේස් එක? කියල අහුවා"

1 comments:

Rushan said...

මේ පොස්ට් 1කේ අඩුපාඩු නිවරදි කර දුන් මගේ ආදරනීය සොයුරියට ගොඩාක් ස්තුතියි....

Post a Comment